May 19, 2024

'ඔබතුමිය මම ලේසියෙන් අතාරින්නෙ නැහැ' - සජිත් (Video)

ඊයේ (28) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයේදී එජාප පාරිලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සිය මයික්‍රෆෝනය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මූලාසනයේ අවධානයට යොමු කළේ ය.

ඉන් පසු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ප්‍රශ්ණ ඇසීම ආරම්භ කළ අතර මේ එහිදී ඇති වූ සංවාදයයි.

සජිත් ප්‍රේමදාස:-  මේ රටේ පාරි‍‍භෝගික ප්‍රජාවට සියයට 80ත් සියයට 110ත් අතර ප්‍රමාණයකින් වැඩිකරලයි මේ සියයට 25කින් අඩු කළේ සියයට 25කින් නොව සම්පූර්ණයෙන් ඉවත් කරන්නට කවදද ඔබතුමිය කටයුතු කරන්නේ?

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි :- සියයට 80කට ඔබතුමා කියන ආකාරයට බිදුලි බිල වැඩි කළේ නෑ. විදුලියට සහන දෙන්න මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා කටයුතු කළා. ගෘහස්ත පාර්භෝගිකයින්ට අමතරව. හරිද?

ඉන් අනතුරුව අමාත්‍යවරිය අසුන් ගත් අතර පසුව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කළේය. “තාම ඉවර නෑ. ඔබතුමිය මම ලේසියෙන් අතහරින් නෑ.“

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 12:10