May 19, 2024

එජාපයේ ඡන්දය මෙහෙයවන්න 12000 ක් අද කොළඹට

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එජාප ක්‍රියාකාරීන් පියවර ගෙන තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12000ක්‌ අද (28වැනිදා) කොළඹට කැඳවා ඇත්තේ ද මෙම අරමුණ ඇතිව බවයි වාර්තා වෙන්නේ.

මෙම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක්‌ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන අතර ඊට සහභාගි වන ලෙස පක්‍ෂයේ සියලු ක්‍රියාකාරීන්ට ආරාධනා කර තිබේ.

Rate this item
(0 votes)