May 19, 2024

ගුරුවරුන්ට වසර 03 ක් වැටුප් නැහැ

මේ වනවිට නිකුත් කර ඇති නව ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස්‌ දහසකගේ වසර තුනක හිඟ වැටුප් අහිමි කර ඇතැයි ගුරුවරු පවසයි.

ගුරුවරුන්ගේ උසස්‌වීම් හා හිඟ වැටුප් 2008 වසරේ ජුලි පළමු වැනිදා සිට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළ නමුත් අලුත්ම ගැසට්‌ නිවේදනයට අනුව හිඟ වැටුප් හිමිවන්නේ 2011 වසරේ නොවැම්බර් මාසයේ සිටය. එමෙන්ම ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාදීම සඳහා රුපියල් කෝටි හාරදහසක පමණ මුදලක්‌ අවශ්‍ය වන නමුත් මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර නැති බවද වාර්තාවේ.

ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස්‌ දහසකට පමණ නව ව්‍යවස්‌ථාවෙන් සහන සැලසෙන බව ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශයට අනුව සහන සැලසෙන්නේ ගුරුවරුන් දෙලක්‍ෂ විසිහත් දහසකට පමණි.

ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාදීම සඳහා රුපියල් කෝටි හාරදහසක පමණ මුදලක්‌ අවශ්‍ය වනතත්ත්වයකදී මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේම සියලු කටයුතු සඳහා වෙන්කර ඇත්තේ රුපියල් කෝටි හාරදහස්‌ දෙසියකි. අධ්‍යාපන සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි හත්සියයකි.

Rate this item
(0 votes)