May 19, 2024

පොදු රඳ මඩුළු මහ ලේකම් ජනපති හමුවෙයි

පසුගිය දා (24) දිවයිනට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද (27) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කමලේෂ් ශර්මා මහතා හා ජනාධිපතිවරයා අතර රජයේ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරයා ඊයේ (26) උතුරු පළාතේ සංචාරයක ද නිරත විය.

මෙම සංචාරය අතරතුර දී උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා හමු වී ඇති ශර්මා මහතා ඒ මහතා සමඟ උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමට ද සහභාගි වී ඇත.

ඒ මහතා මේ මස 30 වනදා තෙක් ශී‍්‍ර ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

Rate this item
(0 votes)