May 19, 2024

පාසලේදී සිසු- සිසුවියන් 6ක් කනේරු ඇට කයි 

කනේරු ඇට ආහාරයට ගත් බව කියන සිසු සිසුවියන් 06 දෙනෙකුව හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව - මහාමාඑළිය කනිටු විද්‍යාලයේ ඉගෙණුම ලබන පාසල් සිසුන් පිරිසකි. ඔවුන් අතර එක් සිසුවියක් සහ සිසුන් 05 දෙනෙකු වේ.

මෙම දරුවන් අද (27) පාසල් කාලය තුළදී කනේරු ඇට ආහාරයට ගැනීම සිදු කර ඇත. රෝහල් ගත කර ඇත් දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන නමුත් ඔවුන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

පුත්තලම - ජුඩ් සමන්ත

 

 

 

 

Rate this item
(0 votes)