May 19, 2024

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණ 'අඩු වෙයි'

මෙවර අයවැයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලබාදීමේ සංඛ්‍යාව වැඩිකිරීමට යෝජනා කර තිබීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ 163 සිට 157 දක්වා අඩු වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (27) හෝමාගම, වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ පැවති බන්දුල ගුණවර්ධන නව ශ්‍රවණාගාරය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමිනි.

2007ට පෙර 10,000ක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ලබාදුන් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2007 වර්ෂයට පසු එය 15,000 දක්වා වැඩි කළ බවත් මෙවර අයවැයෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000 දක්වා වැඩි කිරීමේ ඓතිහාසික කාර්ය ඉටු කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම දක්ෂ දරුවෙකුට ලබාදුන් රුපියල් 500 වෙනුවට ලබන ජනවාරී මස සිට රුපියල් 1500ක් මාසිකව ලබාදීමට කටයුතු කර තිබෙන බවත් එවැනි දීමනාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැර වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙක් සිදු කර නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 15:35