May 19, 2024

18 වංගුව මාර්ගයට පස් කඳු කඩා වැටී වාහන හිරවෙයි 

මේ දිනවල මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මහියංගණය 18 වංගුව මාර්ගයට ඊයේ (26) රාත‍්‍රියේ පස් කඳු හා ගල් කඩා වැටී‍ම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි වාර්තා වෙයි.

උඩුදුම්බර හා මැද මහනුවර අතර පිහිටි ගලේකැලේ යන ස්ථානයෙන් මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවත් එම මාර්ගයේ ගමන් ගත් වාහන 11 ක් පස් කඳු කඩාවැටීමත් සමග ඉවත් කර ගැනීමට නොහැකිව සිරවී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 

මේ වනවිට මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් මාර්ගය යථා තත්වයට පත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ කඳුකර ප්‍රදේශයේ වාහන ධාවනය කරන රියදුරන් සැළකිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කර සිටී.

Rate this item
(0 votes)