May 19, 2024

අයවැයේ වැටුප් වැඩිවීම කල්යයි

මෙවර අයවැයෙන් රජයේ සේවකයින් හට හිමිවු වැටුප් වර්ධකය නිසි පරිදි ක‍්‍රියාත්මක කරවීම සඳහා වැටුප් වර්ධක සහ ඊට අදාල කරුණු නිසි පරිදි ගණනය කිරීමට යම් කාලයක් අවශ්‍ය වීම හේතුවෙන් මාස පහ හයක කාලයක් ගතවනු ඇතැයි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් ‍කළේ ශ්‍රීලනිප මූලස්ථානයේ දී ඊයේ (26) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේවෙතත් , වැඩි කළ වැටුප් දීමනා සකස් කරන තුරු අන්තර් දීමනාවක් ලෙස රජයේ සේවකයන්ට රුපියල් 3000ක් ද විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක් ද නොවැම්බර් මස සිට වැටුපට ලබා දෙන ‍බව ඇමතිවරයා එහිදී පැවසුවත් ඒ සඳහා වන ක්‍රමවේදය නිශ්චිතවම ප්‍රකාශ නොකළේය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 14:34