May 19, 2024

නව ලේකම්ගෙන් උසස් පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු     

නීතිය හා සාමය පිළිබඳ ලේකම්, ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ නියෝගය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති සිව්දෙනෙකු ඇතුළුව උසස් පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. 

මෙම ස්ථාන මාරුවීම් අද (27) දිනයේ ‍සිට බලපැවැත්වෙන බව පරිදි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. 

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකුට, පොලිස් අධිකාරිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකුටද, පොලිස් ස්ථානාධිපතිවරුන් 08 දෙනෙක් ද  මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 

ඒ අනුව පොලිස් විශේෂ කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ මහේෂ් පෙරේරා මහතා පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා කෑගල්ල සහ රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථන මාරුවීම් සිදුකර තිබේ. 

එමෙන්ම විනය හා කල්ක්‍රියා කොට්ඨාසය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතා අපරාධ කොට්ඨාසයටත්, නියෝජ්‍ය පොලිස්පති ඒ.ආර් වෛද්‍යලංකාර මහතා පොලිස් මූලස්ථානයේ සිට පුත්තලම දිස්ත්‍රික්ක බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇත. 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 15:22