May 19, 2024

එජාප මන්ත්‍රීවරුන්ට ඇපදෙයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක පුහුණු පාසලකට අයුතු ලෙස ඇතුළු වී පහරදීමක් සිදුකළ බවට චෝදනා මත අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු පුද්ගලික බැදුම්කර මත මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික බැදුම්කර මත සැකකරුවන් මුදාහරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 

ඒ අනුව රවී කරුණානායක, අජිත්.පි පෙරේරා, නලීන් බණ්ඩාර සහ ආර්. යෝගරාජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (27) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් වී තිබිණි. 

කොම්පඤ්ඤවිදියයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් අදාළ පුහුණු පාසල දේශපාලන කටයුතු සඳහා භාවිත කරන බවට ලැබුණු තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී හටගත් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

පසුව තම භූමියට අයුතු ලෙස ඇතුළු වී පහරදීම් සිදුකළ බවට වරාය අධිකාරියේ වෘත්තීය සමිතියක පුද්ගලයින් පිරිසක් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. 

පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය දෙසැම්බර් 08 වැනි දිනට කල් තැබිණි.

Rate this item
(0 votes)