May 19, 2024

පානදුර පොදු වෙළඳපොලේ මහ රෑ කලබලයක් 

පානදුර පොදු වෙළඳපොළ අසල අනවසර කඩ ඉවත් කිරීමට ඊයේ (26) රාත්‍රී 10 යෙන් පසු පොලිසිය සමග පානදුර නගර සභා සේවකයින් පැමිණි අවස්ථාවේ එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

නගර සභා ට්‍රැක්ටරයක  ත්‍රීරෝද රියක් ගෑවීමත් සමගම මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.

නගර සභා රියදුරන් බීමතින් සිටි බව වෙළඳුන් චෝදනා කළේය.

පසුව පොලීසිය නගර සභා රියදුරන් දෙදෙනෙක් පොලිසියට රැගෙන ගොස් ඇත.

Rate this item
(0 votes)