May 19, 2024

බදු ප්‍රතිශතය අඩු කර 'වැඩි පිරිසකගෙන්' බදු අයකර ගන්නවා - දේශීය ආදායම් කොමසාරිස්‌ 

මෙවර අයවැය මගින් ඉහළ බදු ප්‍රතිශතයක්‌ වෙනුවට අඩු බදු ප්‍රතිශතයක්‌ මගින් වැඩි පිරිසකගෙන් බදු අයකර ගැනීම රජයේ ඉලක්‌කය වී තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල් වසන්ති මංචනායක මහත්මිය පැවසුවාය.

මෙවර අයවැය සාමාන්‍ය ජනතාව සහ සේවක ප්‍රජාව වැඩි වශයෙන් ඉලක්‌ක කළ අයවැයක්‌ ලෙස සැලකිය හැකි බවත් මෙවර අයවැයෙන් බොහෝ පිරිසකට විවිධ සහන රැසක්‌ සලසා තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

එසේම සියයට 12 ක්‌ම පැවැති එකතු කළ අගය මත බද්ද සියයට 11 ක්‌ දක්‌වා අඩු කර තිබේ. 

ඒ නිසා රජය අපේක්‍ෂා කරන්නේ තනි තනි පුද්ගලයන්ගේ බදු බර අඩුකර රජයේ බදු ආදායමට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමට බව ද දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

(දිවයින)

Rate this item
(0 votes)