May 19, 2024

ආණ්ඩුවෙන් ප්‍රතිචාර නෑ - ‍හෙළ උරුමය නිහඩයි

ජාතික හෙළ උරුමය විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දුන් යෝජනාවලිය පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සඳහා හෙළ උරුමයේ මධ්‍යම කාරක ඊයේ (26) දිනයේ රැස්වූ අතර එහිදී රජයෙන් ඉවත් වීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.

පසුගියදා එම යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රීලංනිප ජ්‍යෙෂ්ඨයන් වෙත බාර දුන් අවස්ථාවේ සඳහන් කළේ දින පහක් ඇතුලත ඊට ප‍්‍රතිචාර දක්වන බවයි.

නමුත් රජයේ පාර්ශවයෙන් ඒ සඳහා ඊයේ දිනයේ නිසි ප්‍රතිචාර නොදැක්වූ බවත් මේ හේතුවෙන් වහාම තීරණයක් ගන්නා බවත් හෙළ උරුම ආරංචි මාර්ග පවසයි.

අදාළ යෝජනා සම්බන්ධයෙන් දින පහක් ඇතුළත තීරණ දැනුම්දෙන්නැයි පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී හෙළ උරුමයේ නියෝජිතයන් දන්වා තිබිණි.

එහෙත් ඒ පිලිබඳව යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මධ්‍යම කාරක සභිකයන් මේ පිළිබඳව නැවතත් රැස්වී දීර්ඝව සාකච්ඡා කරන බව වාර්තාවෙයි.

 

Rate this item
(0 votes)