May 19, 2024

අයවැයෙන් ජීවන වියදම් අඩු කරලා - රජයේ වෘත්තීය සමිති

වැටුප් වැඩි කිරීම ජීවන වියදම් ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.අය වැයෙන් තමන් ඉල්ලා සිටියේ ජීවන වියදම අඩු කිරීම සඳහා පියවර ගත යුතු බව යැයි කියා සිටි ඔහු රජය එය ඉටු කර ඇති බවත් සඳහන් කළේය.
 
ජීවන වියදම අඩු කල හැක්කේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල මිල පාලනයක් හෝ මිල පහත දැමීම තුලින් පමණක් බවයි ඔහු ප්‍රකාශ කළේ.රජය ඊට පිළිතුරු ලබා දී ඇති බව පැවසූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, විදුලි බිල, ජල බිල, සහ ගෑස් බිල අඩු කර ඇති බවත් කිරි පිටි වලට අය කෙරෙන බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇති බවත් පෙන්වා දෙන්නේය.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 09:46