May 19, 2024

කොළඹ ඉසිපතනේ ගුරුවරු මුලතිව් දිස්ත්‍රික්කයට

මෙවර පැවත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට මුලතිව්හි නැවත පදිංචි පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපනිකව දැනුවත් කරවීමේ වැඩසටහනේ තවත් පියවරක් මුලතිව් ආරක‍ෂක සේනා මූලස්ථානය විසින් සිදු කර ඇත.

ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව යන විෂයන් දිනකට පැය 06බැගින් වූ වැඩමුළු පැවත්වීමට මුලතිව් ආරක‍ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලූ විද්වත් ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පාසල් 11ක මෙවර සාමන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසු සිසුවියන් 400කට ආසන්න පිරිසකට අධ්‍යාපනික සම්මන්ත්‍රණ ඇතුලූ උපකාරක පන්ති මාලාවක් පැවත්වීම මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලයේදී සිදු විය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සම්මන්ත්‍රණය ආචාර්ය වරුන් විසින් සිංහලෙන් පවත්වන අතරතුර යුද හමුදා සෙබලූන් විසින් සියල්ලක්ම දෙමළෙන් සිසු සිසුවියන්ට පරිවර්තනය කර දීමය.

එමෙන්ම යුද්දය හේතුවෙන් ආර්ථීක වශයෙන් හෝ මානසික වශයෙන් අපහසුතා ඇති සිසු සිසුවියන්ට මනා අස්වැසිල්ලක් ලබා දීමද යුද හමුදාවේ අරමුණ වී ඇත.

මුලිතිව් ආරක‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතාගේ පූර්ණ අධීක‍ෂණයෙන් සහ උපදෙස් පරිදි මෙම වැඩසටහන් ආරම්භ කොට ඇත.

වන්නි - රොමේෂ් මධුෂංක

 

Rate this item
(0 votes)