May 20, 2024

ධර්මපාලතුමා වෙනුවෙන් ඉන්දියාවෙන් මුද්දරයක් (Photo)

ඉන්දියාව තුළ බුද්ධාගම නැවත නගා සිටුවීම වෙනුවෙන් සහ සිංහල ජාතියට හා බෞද්ධාගම වෙනුවෙන් කළ අමිල මෙහෙවර අගයමින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ඊයේ (25දා) ඉන්දියාවේදී සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය.

ඉන්දීය ජනපති මන්දිරයේදී, ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජී විසින් මෙම මුද්දරය නිකුත් කරනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජී පැවැසුවේ, මෙවැනි මුද්දරයක් නිකුත් කිරිම හරහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බවයි.

මේ සඳහා මෙරට සංඝරත්නයද එක්ව සිටියහ.

Rate this item
(1 Vote)