May 20, 2024

වන්නියට ධාරානිපාත වැස්සක් (Photos)

දිගු කාලයකට පසුව මේ දිනවල වන්නි දිස්ත්‍රික්කයට ධාරාණිපාත වර්ෂාපතනයක්  ඇදහැලෙමින් පැවතීම හේතුවෙන් නියගයෙන් මෙතෙක් පීඩා විඳි වන්නි වැසියන්ට යම් අස්වැසිල්ලක් ලැබී ඇති බව සඳහන් වෙයි. එමෙන්ම වැව්වලට ජලය එකතු වීම නිසාවෙන් ගොවීන්ටද මහත් අස්වැසිල්ලක් වී ඇති බවයි ජනතාව පවසන්නේ.

පසුගිය වසරේ (2013) දෙසැම්බර් මාසයේ වන්නි දිස්ත්‍රික්කයට ඇදහළුනු වර්ෂාවෙන් පසුව සැලිකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසාවෙන් වන්නි දිස්ත්‍රිත්කයේ පිහිටි වැව් වලින් 80 %කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගිය අතර පානීය ළිං පවා සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා වන්නි වැසියන් මෙන්ම ගොවීහුද ගොවිතැන් විනාශ වීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑහ.

කෙසේ වෙතත් දිගු කාලයකට පසුව මේ මස මුල සිට වන්නි දිස්ත්‍රික්කයට වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර වර්ෂාවන් ඇදහැලීමත් සමගම වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටි සියලූම වැව්වලට ජලය එකතු වීම සිදුවේ. ඒ හේතුවෙන් මේ වසරේ අඩාල වූ ගොවිතැන් කටයුතුද නැවත ආරම්භ කිරීමට වන්නි ගොවීහු පියවර ගෙන ඇත.

වන්නි-රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)