May 20, 2024

පැයක් ඇතුළත ‘75MM’ වැඩියෙන් වැස්සොත් බදුල්ල නායේ යයි

පැයක් ඇතුළත මීලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබුනොත් බදුලු දිස්ත්‍රික්කයේ නාය යාම් අවදානම් කලාප 4කින් ඉවත් වන ලෙස බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි.

ඇල්ල බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ අවදානම් කලාප පිහිටා ඇත.

වර්ෂාව ගණනය කිරීමට වැසි මාපකයන් මහජනතාවට කල් තියා ලබා දී ඇති බවත් මේ දිනවල දිගටම වැසි පවතින බවත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Rate this item
(0 votes)