May 20, 2024

ජ්‍යේෂ්ඨ ඇමති වැඩිහිටියන් නහවයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාව විසින් සංවිධානය කරන ලද වැඩිහිටි සත්කාර වැඩ සටහනක් ඊයේ  වෙන්නප්පුවේදී පැවැත්වුණි.

එහිදී වැඩහිටියන් වෙනුවෙන් විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබුණි.රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ ස්වෙච්ඡා සේවක සේවිකාවක් විසින් එම අවස්ථාවට සහභාගි වූ වැඩිහිටියන්ගේ කොණ්ඩය සහ රැවුල කපා බෙහෙත් මිශ්‍ර ජලයෙන් ස්නානය කරවා පිරිසිදු කිරීම සිදු විය.

මෙම අවස්ථාවට සහභාගි වූ ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් වැඩිහිටියෙකුව බෙහෙත් මිශ්‍ර ජලයෙන් ස්නානනය කරවන ආකරය සහ සෙසු ස්වෙච්ඡා සේවක සේවිකාවන් විසින් වැඩිහිටියන්ට සත්කාර කරණ ආකාරය ඡායාරූප වලින් දැක්වේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ සභාපති චාල්ස් කොරයා මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

පුත්තලම - ජුඩ් සමන්ත.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 October 2014 11:07