May 12, 2024

ජනපතිගෙන් රාජ්‍ය ඇමතිට උපදෙස් - රජයෙන් විශේෂ නිවේදනයක්

ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක පාලන මිල ඉවත් කිරීමට සිදුවූ බව රජය විසින් නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය පිටුදැක මහජනතාව අපහසුතාවට පත්වීමට වැළැක්වීම පිණිස පාලන මිල ඉවත් කළ බවයි රජය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කුමන හේතුවක් නිසාවූවද අසාධාරණ ලෙස වෙළෙඳපොළ මිල ගණන් ඉහළ දැමීමට සහ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ ආරජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී අදාළ තීරණ ගනු ලැබුණා.

Rate this item
(4 votes)
Last modified on Friday, 08 October 2021 14:41

Related items