May 20, 2024

ගූගල් සමාගම ගුවනේ සිට ලෝක වාර්තාවක් තබයි (VIDEO)

ගුවන් කරණම් කේෂ්ත්‍රයේ වැඩි ම උසක සිට පැරෂූටයකින් බිමට පැණීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇලන් යූස්ටස් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සිට ගුවනට යවන ලද හීලියම් බැලූනයක ආධාරයෙන් ඔහු පෘථීවියේ සිට කි‍ලෝ මිටර් 40ක් පමණ ඉහළ අහසට රැගෙන යාමට කටයුතු කර තිබූ අතර විශේෂයෙන් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ ඇඳුමකින් සැරසී සිටි 57 හැවිරිදි ඇලන් යුස්ටස් බැළුණයෙන් පිටතට පැනීමේදී ළඟා වූ වේගය පැයට කිලෝ මීටර් 1300කට අධික විය.

මීට පෙර ගුවන් කරණම් කේෂ්ත්‍රයේ තබන ලද වාර්තා තුනක් බිඳ හෙලූ ඔහු ශබ්දයේ වේගය ද අභිබවමින් පහළට පැමිණි බවත් ඇලන් යූස්ටස් අඩි එක්ලක්ෂ තිස් පන්දහස් අටසිය අනූවක් ඉහළ අහසේ සිට පැරෂූටයකින් පැනීමෙන් මෙම වාර්තාව බිඳ හෙලූ බවත් බීබීසී ප්‍රවෘත්ති සේවය පැවසී ය.

පැරිෂුටය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු නිදහසේ පහළ පැමිණි දුර ප්‍රමාණය අඩි එක් ලක්ෂ විසි තුන්දහස් හාරසිය දහ හතරකි. ඒ සඳහා ගතව ඇති කාලය මිනිත්තු 04කුත් තප්පර 27කි.

Rate this item
(1 Vote)