May 20, 2024

දිගම්බරන්ගේ සහය ජනපති මහින්දට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැප වී කටයුතු කරන බව කම්කරු ජාතික පෙරමුණ පවසයි.

කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.

වතු ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ මේ පිරිස වතු ජනතාව දැනට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන එස්. සිදරන්, සරස්වතී සිවගුරු, සිං කොන් පොන්නයියා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)