May 20, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 3ක් කල් බදු ක්‍රමයට ගන්න යයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පළල් බඳ සහිත ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපන සැලැස්ම පළමු ගුවන් යානා 9 මුදල් යොදවන ආකාරය ඇතුළත් කර පිළියෙල කර අවසන් ව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වන ලද අතර එහි විස්තර පහත දැක්වේ.

ඒ අනුව ROLLS ROYCE TRENT 700 බල ගැන්වෙන A 330 -300 ගුවන් යානා 6ක් 2014 වසරේ අවසන් කාර්තුවේ සිට 2015 වසර දක්වා එයාර්බස් සමාගමෙන් මිලදී ගැනීමට,

A 330 -200 ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2017 වසරේදී අමතර A 350 -900 ගුවන් යානා 3ක් කල් බදු ක්‍රමයට ලබා ගැනීමට,

මේ අනුව පළමු නවීනත ම එයාර් බස් වර්ගයේ  ඒ 330 -300 ගුවන් යානය 2014 ඔක්තෝබර් මස අවසන් සතියේ ලැබීමට නියමිතය.

Rate this item
(0 votes)