April 27, 2024

නිරූපමා රාජපක්ෂට වැඩ වරදී - ජනපතිගෙන් විශේෂ නියෝගයක්

ලෝකයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් පැන්ඩෝරා පත්‍රිකාවන් මඟින් ශ්‍රී ලංකාවේ පිරිසක් ගැනද තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි පරික්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කොට තිබෙනවා.

අද (06) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මේ බව හෙළිදරව් කර සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ පැන්ඩෝරා පත්‍රිකාවන් ගැන ක්ෂණික තීන්දුවක් ගත් බවයි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ජනාධිපතිවරයා විසින් මාසයක් තුළ මෙම පත්‍රිකාවේ තොරතුරු පිළිබඳව පරික්ෂණයක් පවත්වා ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසද පවසා ඇති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 08:10

Related items