May 20, 2024

කල්පිටියේ හදිසි ගින්නක් - තත්ත්වය පාලනය කෙරේ

කල්පිටිය නගරයේ වෙළඳ සැළක් තුළ අද අළුයම ගින්නක් හටගෙන තිබේ.

පැය කිහිපයක් ගින්න පැවැති අතර පොලිසිය සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බවයි. කල්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ පිහිටි තොග අලෙවි සැළක් මෙම ගින්නෙන් විනාශ වී ඇත.

පොලිසිය සහ නාවුක හමුදාව එක්ව ගින්න පැතිරීම පාලනය කර ඇති අතර ඉන් ජීවිත හානි සිදුව නොමැති බවත් සඳහන් වෙයි.

ගින්න හට ගත් ආකාරය සහ ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)