May 20, 2024

ඩී.අයි.ජී. ගේ පිස්තෝලය 'පත්තුවුණේ' පුතාටමයි

නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට අයත් රාජකාරි ගිනි අවිය කොටහේනේ පිහිටි නිවසේදී පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ හදිසියේ පත්තු වීමෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ 14 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.පුත්‍රයාගේ දකුණු පාදයේ පහළ කොටසට වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
 
නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සිය රාජකාරි නිමකර නිවසට පැමිණ රාජකාරි පිස්‌තෝලය මේසයක්‌ මත තබා ස්‌නානය කිරීමට ගොස්‌ ඇත.ඒ අවස්‌ථාවේ 14 හැවිරිදි පුත්‍රයා පිස්‌තෝලය ගෙන බලද්දී එය බිම වැටී ක්‍රියාත්මක වී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 
Rate this item
(0 votes)