May 20, 2024

ඇමති පාඨලීගෙන්, ඇමති පවිත්‍රාට පිළිතුරක්

තමා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් ගල් අඟුරු ගොඩබෑම හා අනෙකුත් සෑමදෙයක්ම සිදුකළේ නීතිපතිවරයාගේ උපදෙස් මත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේබව පැවසූවේ හෙතෙම ඇමති ලෙස සිටි කාලයේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 150 ක මූල්‍ය වංචාව ගැන චෝදනාවට පිළිතුරු ලෙස පැවති මාධ්‍ය හමුවේදී ය.

තමාගේ නියෝගය වූයේ එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කොට වරායෙන් ගොඩබෑම සිදු නොකළ යුතු බවත් එය නීතිවිරෝධී ගනුදෙනුවක් බව දැන සිටි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් කෝටි 150 කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් විමිසීමක් සිදු කර තිබිණි. 

තමන් අමාත්‍යධූරය දරණ කාලයේ මෙය සිදු නොවූ බව හා සී.අයි.ඩී යට ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීමට භාර දුන් බවත් අමාත්‍යවරිය එහිදී පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 October 2014 23:11