May 20, 2024

අරවින්ද සිල්වා ගේ සේප්පු මංකොල්ලය ගැන කෙස් ගහක් ඔස්සේ පරීක්ෂණ

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාගේ සේප්පුවෙන් විදේශ මුදල් හාරන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් එම නිවසේ සේවකයන් පස් දෙනකුගේ දුරකතනවාර්තා ලබා දෙන ලෙසත්, ඔවුන්ගේ හැඳුනුම්පත්වලට නිකුත් කර ඇති සිම්පත්පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාදුරකතන සේවා සමාගම් පහකට නියෝග කළා.

මහේස්ත්‍රාත් එම නියෝගය කළේ කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින්.

අපරාධ ස්ථානයේ වැටී තිබූ කෙස් ගහක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

Rate this item
(0 votes)