May 08, 2024

ලංකාවේ අවු.5ට අඩු දරුවන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් Featured

September 07, 2021

ඊයේ (05) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මෙරට ප්‍රකට වෛරස්වේදය පිළිබඳව විද්‍යාඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර සිටියා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට වඩා බඩගින්න, ආහාර හිඟය සහ මන්ද පෝෂණය අද වන විට දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.

මහාචාර්යවරයා පවසා සිටියේ “මම දන්නවා අවුරුදු 05ට අඩු වයසේ ළමයි අතර මන්ද පෝෂණය 18%කට තියෙනවා දැන් ඒ කියන්නේ ළමයි 05 දෙනෙක් ගත්තොතින් එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වාගේ තත්ත්වයක් තියෙන්නේ..” යනුවෙනි.

මෙවැනි තත්ත්වයක් යටතේ යමක් කළ යුතුව ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙනවා. 

ඔහු එහිදී පවසා සිටියේ එයට පිළියමක් ලබාදීමට උත්සාහ කිරීමේදී නව ලිබරල්වාදී අදහස් ඇති අය විසින් මුදල් හම්බ කිරීමේ අරමුණින් ක්‍රියාකරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 September 2021 00:24