July 01, 2024

ලංකාවට හිතවාදී කියූ ‘Kaththi’දැඩි විරෝධය මැද අද තිරගත වෙයි (Video)

අද දින මංගල තිරගත කිරීම සිදු කිරීමට නියමිත Kaththi නම් චිත්‍රපටය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට සිදු ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ  ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයෙකු විසින් මෙම  චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බව පවසමින් තමිල්නාන්ඩුවේ පිරිසක් ඊට විරෝධය දැක්වීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් චෙන්නායි නුවර සුපිරි සිනමාශාලා දෙකකටද ප්‍රහාර එල්ල කර ඇත. උද්ඝෝෂකයින් වැඩි දුරටත් පවසන්නේ ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇති නිෂ්පාදකයෙකු විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බවත්ය.

මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාණ්ඩුව තුළ ඇති දේශපාලන විරෝධය  බවයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දීය සුපිරි නළු විජය විසින් ප්‍රධාන රංගන දායකත්වය සපයා තිබෙන අතර තත්ත්වය සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම ගැටළුව ඇති කළ නිෂ්පාදකවරයාගේ නම ප්‍රසිද්ධ කිරීම වැලකී තිබුණා නම් මෙම තත්ත්වය ඇති නොවීමට ඉඩ තිබූ බවයි.

කෙසේවෙත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක AR Murugadossපෙන්වා දෙන්නේ චිත්‍රපටශාලා 440 කදී චිත්‍රපටය ප්‍රදර්ශනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

වීඩියෝව පහලින් නරඹන්න.....

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 October 2014 14:59