May 02, 2024

"රජ කතාව හිට් වෙයි කියලා මම හිතුවෙත් නැහැ" - පවිත්‍රා සගයින්ට කියයි

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වී ඉතා කෙටි කලක් යත්ම කොවිඩ් වසංගත අභියෝගයට මුහුණ දීමට සිදුවුණා.

ඒ අතරතුර ඇය කළ ඇතැම් ක්‍රියා නිසා "උම්මා දේවි , පැණි දේවි , මුට්ටි දේවි" ආදී විවිධ නම්ද පටබැඳී අතර ඇයට සෞඛ්‍ය අමාත්‍ය ධූරය නොගැලපෙන බවට සමාජ මතයක්ද ගොඩ නැගුණා.

රජ - පුරෝහිත අටුවා කතාව

මේ වන විට වන්නිආරච්චි මහත්මියම සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ප්‍රවාහන අමාත්‍ය ධූරයට පත්කර තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් සමු ගැනීම නිමිත්තෙන් එම අමාත්‍යංශයේ පැවති කෙටි උත්සවයේදී කළ "රජ - පුරෝහිත" අටුවා කතාවට ලැබුනේ නොහිතපු ප්‍රතිචාරයක්.

එනිසාම වන්නිආරච්චි මහත්මියට දොස් නගපු අයත් දැන් "රාජපක්ෂලාට මෙහෙම කියන්න කොන්දක් තිබුණේ පවිත්‍රාට විතරයි" කියලා කියන්නත් ඇයව අගය කරන්නත් පටන් අරගෙන තියෙන්නේ.

මේ කතාව ගැන ආණ්ඩු පක්ෂයේ සෙසු ඇමැතිවරු මෙන්ම මන්ත්‍රීවරුන්ද වන්නිආරච්චි මහත්මියගෙන් කරුණු විමසා තිබෙන බව දැනගන්නට තිබෙනවා.

මෙච්චර සැර වෙයි කියල හිතුවෙ නැහැ

මේ කතාව මෙතරම් සැර වැඩි වෙතැයි තමා නොසිතූ බව පිළිතුරු ලෙස වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කොට තිබෙන්නේ අටුවා කතාව ලැබුණ තැනද මතක් කරමින්.

ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ආණ්ඩුවට මෙන්ම තමාටද හිතවත් කොළඹ ප්‍රසිද්ධ පන්සලකට ගිය බවත් එහිදී එහි නායක ස්වාමීන් වහන්සේ හැම දේම වෙන්නෙ හොඳටයි කියමින් මේ අටුවා කතාව තමන්ට කියපු බවයි වන්නිආරච්චි මහත්මිය සිය සගයන්ට පවසා තිබෙන්නේ.

ඒ කතාව තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් සමුගැනීමේ කෙටි උත්සවයේදී කිව්ව බවයි ඇය සිය සගයන් අමතා වැඩිදුරටත් කියා තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 22 August 2021 23:06