May 18, 2024

පවිත්‍රාට අටුවා කතාව කියා දුන්නේ නාරාහේන්පිට පන්සලකින්?

කැබිනට් මණ්ඩල සංශෝධනයේ වඩාත්ම මතභේදාත්මක කරුණ වූයේ සිය අමාත්‍යංශයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් අටුවා කතාවක් ඇසුරෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ කතාවයි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට සමුදීම නිමිත්තෙන් පැවති කෙටි උත්සවය අමතා රජකෙනකු හා පුරෝහිතයෙකු සම්බන්ධ අටුවා කතාවක් වන්නිආරච්චි මහත්මිය සභාව අමතා ඉතා රසවත්ව ඉදිරිපත් කළේ සභාවේද අවධානය දිනාගනිමින්.

ඉන්පසු එම කතාව මාධ්‍ය හරහා විකාශය වීමෙන් පසු මේ වන විට රටේද අවධානයට ලක්වයි තිබෙන්නේ.

අටුවා කතාවේ නිර්මාතෘ

එම අටුවා කතාව තමන්ට කියා දුන්නේ කවුදැයි මේ වන විට වන්නිආරච්චි මහත්මිය විසින්ම හෙළි කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනුවට ප්‍රවාහන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු කොළඹ එක්තරා ප්‍රසිද්ධ පන්සලකට ගොස් එහි නායක ස්වාමීන් වහන්සේ සමග සෑහෙන වේලාවක් කතා බස් කරමින් සිටියදී උන්වහන්සේ තමාට "හැමදේම වෙන්නෙ හොදටයි" කියමින් මෙම අටුවා කතාව තමන්ට කියූ බවයි වන්නිආරච්චි මහත්මිය කියන්නේ.

හැබැයි වන්නිආරච්චි මහත්මිය එසේ ගිය පන්සල හා මුණ ගැසුනු ස්වාමින් වහන්සේ  ගැන තොරතුරු හෙළිදරව් නොකිරීමට වග බලා ගෙන තියෙනවා.

ඇමතිවරිය හරියටම කියන්නේ නැහැ

අදාල අටුවා කතාව කියා දුන් ස්වාමීන් වහන්සේ තමන්ට මෙන්ම ආණ්ඩුවටද හිතවත් බව පවසන වන්නිආරච්චි මහත්මිය අදාල ස්වාමීන් වහන්සේ තමන් සෞඛ්‍ය ඇමතිවරිය ලෙස සිටිද්දී බරපතළ ලෙස විවේචනය කළ නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැයි හරියටම කියන්නේ නැහැ.

හෙද සංගමයේ සභාපති සභාපතිත්වය දරන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය කාල වකවානුව පුරාම වන්නිආරච්චි මහත්මිය යටතේ තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශය හැඳින්වූයේ "සවුත්තු අමාත්‍යංශය" කියාය.

මොනව උනත් සෞඛ්‍ය සේවයට යමක් කරන්න වන්නිආරච්චි මහත්මිය උත්සාහ කළ බව නම් කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 August 2021 13:17