May 18, 2024

පන්සල් වලට හොඳටම කළේ මම: නැතිනම් වෙන කවුද - මංගල ප්‍රශ්න කරයි Featured

තමා තරම් පන්සල් වල දියුණුවට මුදල් වෙන් කළ මුදල් අමාත්‍යවරයෙක් සිටී නම් පෙන්වා දෙන ලෙස මංගල සමරවීර මහතා අභියෝගයක් කරනවා.

පන්සලකට මිලියනයක්

මුදල් ඇමතිවරයා ලෙස තමා මුලින්ම පන්සල් 500ක් සඳහා මුදල් වෙන් කළ බවත් දෙවැනි අදියරේදී පන්සලකට රු. මිලියනය බැගින් වෙන් කළ බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

එසේ මුදල් වෙන් කළ යුතු පන්සල් පිළිබඳව තොරතුරු පසුගිය ආණ්ඩුවේ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් බවයි සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

මාතරට එන්න මම පෙන්වන්නම්

තමා මේ කියන කතාවේ ඇත්ත නැත්ත තමා නියෝජනය කළ මාතර මැතිවරණ කොට්ඨාශයේ පන්සල්වලට ගොස් දැකබලා ගැනීමට හැකි බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඔහු සම්බන්ධයෙන් නැගෙන බෞද්ධ විරෝධී පදනම ගැන ප්‍රශ්න කළ දෙරණ රූපවාහිනී සේවයේ වැඩ සටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 01:01