May 18, 2024

රටේ බදු නොගෙවන ප්‍රධාන කල්ලි තුන මංගල නම් කරයි

රටේ ප්‍රධාන වෘත්තීන් තුනක නියැලෙන කල්ලි තුනක් බදු ගෙවීම මග හරින බවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙළිදරව් කරන්නේ.

ටියුෂන් ගුරුවරු , නීතීඥවරුන් සහ දොස්තරවරුන් එම කල්ලි තුන බවයි සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

ටියුෂන් ගුරුවරුන්ගේ ප්‍රෝඩාව

තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටිද්දී ටියුෂන් ගුරුවරුන්ගේ පන්ති වල සිටින ළමයි ගාන ගණන් කිරීමට පිරිස් යැව්වෙ ඔවුන්ගේ ආදායම හරිහැටි දැන ගැනීමට බවත් සමරවීර මහතා අවධාරණය කරනවා.

රටේ සෘජු බදු ආදායම 18% ක් බවත් ඉතිරි 82% අය කරන්නේ රටේ සාමාන්‍ය පොදු ජනතාව හරහා වක්‍ර බදු වලින් බවත් පෙන්වා දෙන සමරවීර මහතා හරි නම් සිදුවිය යුත්තේ එහි අනිත් පැත්ත බවයි සදහන් කරන්නේ.

බදු ප්‍රතිපත්තියේ බරපතළ වැරැද්ද

හරි නම් සිදුවිය යුත්තේ වැඩි බදු ප්‍රමාණය සෘජු බදු වලින් අය කිරීම බව පෙන්වා දෙන සමරවීර මහතා රටේ බදු ප්‍රතිපත්තියේ වැරැද්ද නිසා ආසියාවේ අඩුම බදු ආදායම් ලබන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවත් සදහන් කරනවා.

18% ක ඍජු බදු ආදායම ලැබෙන්නේ රටේ ඉහළ පෙළේ සමාගම් වලින් බවයි සමරවීර මහතා අවධාරණය කරන්නේ.

Rate this item
(0 votes)