July 01, 2024

මාළුන්ගෙන් රැකෙන 'ජයලලිතාගේ' සුපිරි මාළිගාව මෙන්න

1991 වසරේ සිට ගත වූ වසර 5 කදී කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 66 ක් වංචා කළ බවට ජයලලිතාට චෝදනා එල්ලවී තිබිණ. අවසන් නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කළ බැංග්ලෝර් මහාධිකරණය ඇය වරදකරු බවට ප‍්‍රකාශ කරමින් වසර 4 ක සිරදඩුවමක් පැනවුවද පසුව ඇයට ඇප හිමිවුයේ නිවසටමවී විවේක ලැබීමටය.ඇප ලබා පිටව යන දින සිට දෙසැම්බර් 18 වැනිදා තෙක් ‘නිවාස අඩස්සියේ’ සිටිය යුතු අතර කිසිසේත් නිවසින් බැහැර වීම තහනම් වේ.
 
ජය ලලිතා කාන්චීපුරම්  දිස්ත්‍රික්කයෙහි පිහිටි Siruthavur නිවසෙහි මේවනවිට කල්ගත කරන්නීය.ශෛලමය නිර්මාණවලට තෝතැන්නක් වූ භාරතයේ පිහිටි විශේෂ දෙවොලක් වන මාමල්ලපුරම් පිහිටා ඇත්තේද මෙම දිස්ත්‍රික්කයේමය .මෙහි ඇති සුවිශේෂ තත්ත්වය වන්නේ දෙවොලෙහි ඇති සියුම් කැටයම්ය. 
 
එහෙත් මෙම දෙවොලට වඩා කැටයම් ඇත්තේ ජය ලලිතාගේ මාළිගාවේ බව එරට දේශපාලකයන් කියා තිබිණ.එම Siruthavur නිවස එතරම්ම අලංකාරවත් සුවපහසුවෙන් අඩුපාඩුවක් නැති එකකි.ඇය මහා පරිමාණ මත්ස්‍ය වෙළෙන්දන්ගෙන් ලැබූ අයථා මුදල් යොදවා මෙම මාළිගාව නඩත්තු කරන බවටද චෝදනා එල්ලවී තිබේ.
 
ඇගේ Siruthavur නිවසෙහි ඇති අපුර්වත්වය පහත සේයාරූවලින් විඳිමු.
 
 
Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 October 2014 08:29