April 30, 2024

වැරදි කරන එක මිනිස් ගතියක් - අනුෂා දමයන්ති රන්ජන් වෙනුවෙන් කරන ඉල්ලීම

"හැබැයි මම හිතනවා ඔහු දේශපාලනයේදී හා කලාවේදී හිතුවක්කාරයෙක්. හිතුවක්කාරකමට කරන බොහෝ දේ තිබෙනවා. වැරදි කරන එක මිනිස් ගතියක්. සමාව දීම දේවගතියක්" යැයි රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය පවසනවා.

රන්ජන් සහ අප කලා හවුල ක්‍ෂේත‍්‍රයේ සියලූදෙනා, එකමුතුව සිරගතව සිටින රංජන් රාමනායක කලාකරුවාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ඊයේ (27) කොළඹ රූබි සිනමා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා විසින් එම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා,
 
"මේ කලාකරුවෙක් වෙනුවෙන් නගන හඩක්. සියලූදෙනාම ඉල්ලා සිටින්නේ රන්ජන් නිදහස් කරගැනීමට ජනාධිපතිතුමාගේ අවසරයයි. බල කිරීමක් නෙමෙයි. සාධාරණ ඉල්ලීමක්. අප සියලූ දෙනාටත් රටටත් අවශ්‍ය කලාකරුවෙක්.
 
රන්ජන්ට අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් කවුරුවත් නෑ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. මම දන්නා තරමින් ඩොක්ටර් භාග්‍යා කියන නෝනා විතරයි හැම දෙයකටම ඉන්නේ. අපිත් ඉන්නවා රංජන්ව රැකගන්න. මොකද ඒ රටට අවශ්‍ය සම්පතක්."
 
රංගන ශිල්පී ජීවන් කුමාරතුංග,
 
"වර්තමානය තුළ නීතිය ඉදිරියේ යම් අසරණ තත්ත්වයකට පත් වුණාට ඒ කරන ලද ප‍්‍රකාශවල වලංගුභාවය අසරණ වෙලා නෑ. කලාකරුවෙක් හැටියට මේ ප‍්‍රකාශය කරල අද රන්ජන් රාමනායක සිරගතව සිටිනවා. අපි විශේෂයෙන් මේ කලාකරුවා වෙනුවෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. එතුමාට තිබෙන බලතල අනුව රන්ජන් රාමනායකට සමාවක් ලබා දෙන්න සහනයක් ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම ආයාචනය කරනවා."
 
රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා,
 
"අපි මෙහිදී අසරණයි. අපිට කලාකාරයෝ ලෙස එකතුව ජනපතිතුමාගේ අවධානය යොමු කළ හැකියි. අපි රන්ජන් වෙනුවෙන් මේ කරන දෙයින් ඔහුට සිරමැදිරිය තුළ ගෙවන ජීවිතයට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබෙයි."
 
සුරංග ද අල්විස්, නදීකා ගුණසේකර, අර්ජුන කමලනාත්, ජනිත් වික‍්‍රමගේ, සරත් ද අල්විස් යන සිනමා නළු නිළියන් සංගීතවේදීන් ඇතුළු පිරිස මෙම මාධ්‍ය හමුව ඇමතුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 16:30