April 30, 2024

පාසල් විවෘත වෙන දිනය ගැන ඉඟියක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව යමින් පාසල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසා සිටිනවා.

මෙලෙස පාසල් විවෘත කිරීමට පියවරෙන් පියවර සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

පාසල් ආරම්භ කිරීම සඳහා ගුරුවරුන්ට සහ අධ්‍යයනය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්ට එන්නත් කිරීම මේ වන විට රට පුරාවටම ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

එම එන්නත්කරණ වැඩසටහනේ දී දෙවන මාත්‍රාවත් අගෝස්තු මස අවසානය වෙද්දී ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ‍ෙ

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ (26) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(1 Vote)