July 01, 2024

ඩයස්පෝරාවට අවශ්‍ය දේ කරන්නේ නෑ - ජනපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නමුත් ඩයස්පෝරාවට අවශ්‍ය දේ මේ රටේ සිදුකිරීමට ඉඩතැබීමට පුළුවන්කමක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඊළමට උඩගෙඩි දෙන පිරිස් යුරෝපයට ගොස් සති දෙකකින් කොටි තහනම ඉවත් කෙරුණු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊළම බිහිකිරීමට තවමත් යුරෝපයේ මුදල් එකතු කරන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට තමාට පුළුවන්කමක් නොමැති බව පැවැසීය. 
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පිරිවෙන් ගුරුවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (17) පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි. පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014- 2015 තේමාව ඔස්සේ මෙය සංවිධාන කර තිබිණි.
(PMD)
Rate this item
(1 Vote)