මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25) දින සිට අධික සුලං සහ තද වැසි තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර , අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වයට අමතරව වරින් වර ඝන මිදුම් තත්ත්වයක්ද ප්‍රදේශය පුරා පවතිනවා.
පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත් එම මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක්ද පවතින බව හැටන් රථ වාහන පොලිසිය පවසනවා.
(හැටන් - රංජිත් රාජපක්ෂ)