May 03, 2024

විමුක්ති ආගමනයත් සමග මංගලගෙන් "සැබෑ දේශප්‍රේමියෝ"

විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට ඉතා නුදුරේම අවතීර්ණ වන බව ඒෂියන් මිරර් අද (23) වාර්තා කළා.

මංගල නව වැඩපිළිවෙළක් සමග

එම ප්‍රවෘත්තිය පළ කොට සුළු මොහොතකට පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඉතාමත්ම කිට්ටු දේශපාලන සගයා වන මංගල සමරවීර මහතාද එළබෙන 25 දින ආරම්භ කරන මතවාදීමය දේශපාලන වැඩ පිළිවෙළක් පිළිබදව සමාජය දැනුවත් කිරීමට පියවර ගත්තා.

ඒ එළඹෙන 25 දින රටට හඳුන්වාදීමට නියමිත "සැබෑ දේශප්‍රේමියෝ"ව්‍යාපෘතිය පිළිබඳවයි.

රට තරුණ පරපුරට

අනාගතයේ දී රට භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීව සන්නද්ධ කිරීම සඳහා තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් "සැබෑ දේශප්‍රේමියෝ" ව්‍යාපාරය ක්‍රියාත්මක වීමට යෝජිතයි.

"සැබෑ දේශප්‍රේමියෝ" හරහා බිඳ වැටෙමින් තිබෙන රට යළි ගොඩ ගැනීම සඳහා රැඩිකල් මැද මාවතේ මතවාදි වැඩපිළිවෙළක් සමාජගත කිරීමයි මංගල සමරවීර මහතාගේ ඉලක්කය වී තිබෙන්නේ.

මංගල සමරවීර මහතා පසුගිය කාලයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේ.

Rate this item
(11 votes)
Last modified on Friday, 23 July 2021 21:24