May 18, 2024

"බෙදුම්වාදීන් සිටින තුරු විධායක ක්‍රමය අවශ්‍යයි"-මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි

රට කැබලිවලට කඩා පාලනය කිරීමේ බෙදුම්වාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂ හා පුද්ගලයන් රට තුළ ක්‍රියාත්මක වනතුරු විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක විය යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ පවසති.
 
මෙම පිරිස් බෙදුම්වාදී අදහස් අත්හලදාට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් ද සූදානම් බවට ජනපතිතුමන් කළ ප්‍රකාශය ඉතා නිවැරදි බවද උන්වහන්සේ කීහ.මෙරට පවත්නා සියලු ප්‍රශ්නවලට හේතුව විධායක ජනපති ධුරය නොවන බවත් විධායක ජනපති ධුරය තුළින් රටට අත්වු ජයග්‍රහණ අප අමතක නොකළ යුතු බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
 
තිස් වසරක් ක්‍රියාත්මකව පැවැති ත්‍රස්තවාදය පරාජය කර ජාත්‍යන්තර බලපෑම් හමුවේ පවා නොනවත්වා ඉදිරියට ගෙනයෑමට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වූයේ විධායක ජනපති ධුරය බව ද උන්වහන්සේ කීහ. විධායක ජනපති ධුරය අහෝසි කරන්නට මතුවන ආකාරයේ හඬක් බෙදුම්වාදය පරාජය කරන්නටද පැමිණිය යුතුව ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
Rate this item
(0 votes)