May 18, 2024

සෑම පවුලකටම ස්ථිර නිවෙසක්

රට පුරා සිටින සියලුම වතු ජනතාවගෙන් සෑම පවුලකටම සහ නිවාස නොමැති සෑම රජයේ සේවකයකුටම ස්ථිර නිවසක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම බාරගෙන ඇති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් නාගරික සංවර්ධන අධිකාරිය හරහා එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව වතුකරවල ජනතාවට ස්ථිර නිවසක් ලබාදීමේ මූලික අදියරේදී නිවාස පනස්දහසක් ලබාදෙනු ලබයි. නාගරික සංවර්ධන අධිකාරිය එහි මූලික ඉදිකිරීම් මේ වන විට අගලවත්ත සහ දෙනියාය වතුකර ප්‍රදේශවල ආරම්භ කර ඇත. නිවාස නැති රජයේ සේවකයන්ට නිවාස ලබාදීමේ මූලික අදියරේ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් මේ වන විටත් බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක ආරම්භ කර ඇත. එහි රජයේ සේවකයන් හයසියයක් වෙනුවෙන් නිවාස ඒකක හයසියයක් සහිත නිවාස සංකීර්ණයක් ඉදිවෙයි.

Rate this item
(0 votes)