May 18, 2024

පොලීසිය සොරකම් කරන හැටිත් කැමරාවේ පටිගත වෙලා (VIDEO) 

ක‍ටුනායක පිහිටි කැරෝකේ සමාජ ශාලාවක් වැටලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම කැරෝකේ සමාජ ශාලාවේ හිමිකරු පවසන්නේ තම කැරෝකේ සමාජ ශාලාවට පොලීසියේ සිවිල් හා නිල ඇඳුමින් 40දෙනෙකු පමණ පැමිණි බවත් පසුව එහි සේවක සේවිකාවන් 16දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පසුව කැරෝකේ සමාජ ශාලාවේ තිබූ සීසිටීවි කැමරාවල සටහන් වූ දර්ශන අනුව එම පොලිස් නිළධාරීන් එහි තිබූ චොක්ලට්, කෑම වර්ග, චෙරි බෝතල් ඇතුළු ආහාර වර්ග සොරකම් කරන ආකාරය පෙනී යන බවත් තම ව්‍යාපාරය නීති විරෝධිනම් එය නීතිය අනුව වැටලීමට තිබූ බවත් එහි හිමිකරු සඳහන් කරයි.  

මෙම සමාජ ශාලාව දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුට අයත් බව ද වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දේශපාලන වුවමනාව  මත මෙම ස්ථානය වැටලූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරන බව ය.

බලය අයුතු ලෙස භාවිත කර ඇත්නම් හෝ නඩු භාණ්ඩ ඉදිරිපත් කර නැත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට බලාපොරොත්තුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

Newsfirst මගින් විකාශය වූ එම වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)