May 04, 2024

ගුරුවරුන්ගේ එන්නත එයි - පාසල් ඇරීමත් තීන්දුයි

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද (09) දින ආරම්භ වුණා.

දිවයිනේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පියවර වශයෙන් මෙය ආරම්භ කළ බවයි රජය පවසන්නේ.

එමෙන්ම මෙම මස 12වැනි සඳුදා සිට සියලුම ගුරුවරුන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බව ද රජය නිවේදනය කරනවා. 

එලෙස ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පාසල් ආරම්භ කිරීම පිළිබඳ සලකා බැලීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

පාසල් විවෘත කිරීමේ පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් යලි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.

අගෝස්තු මාසයේ දී පමණ එම පාසල් විවෘත කිරීමට සැළසුම් කර ඇති බව සඳහන්.

Rate this item
(4 votes)
Last modified on Friday, 09 July 2021 20:58