May 18, 2024

වරදකරු වෙනුවට සොහොයුරිය රඳවා ගත් පොලිසියට අගවිනිසුරුගෙන් දඩුවම්

වරදක්‌ සිදු කළේ යැයි කියන තරුණයකු පොලිසියට භාර වෙන තෙක්‌ 28 හැවිරිදි එක්‌ දරු මවක වන ඔහුගේ සොහොයුරිය පැය දෙකක්‌ අත්අඩංගුවේ රඳවා ගැනීමෙන් ඇයට සිදුකළ අනිසි හිරිහැරයට සහ අවමානයට වන්දියක්‌ වශයෙන් ඇයට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් ලක්‍ෂ තුනක වන්දියක්‌ ගෙවන ලෙස කොට්‌ටාව පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති සහ එම පොලිසියේම තවත් නිලධාරියකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කර තිබේ.

එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ වහාම තහනම් කර ඔවුන් කළ වැරදි ක්‍රියාව ගැන විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඉක්‌මනින් පියවර ගන්නා ලෙසද පොලිස්‌පතිට නියෝගයක්ද‌ නිකුත් කර ඇත.

රටේ ජනතාවට අනවශ්‍ය හිරිහැර හා තාඩන පීඩනවලට භාජන නොවී පාඩුවේ ජීවත් වීමට ඉඩතිබිය යුතු බවත් මෙම දඬුවම නියම කරන්නේ ඒ පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට පමණක්‌ නොව නීතිය අතට ගෙන අහිංසක මිනිසුන්ට හිරිහැර කරනු ලබන අනිත් පොලිස්‌ නිලධාරීන්ටද පාඩමක්‌ ඉගෙන ගැනීමට බවත් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූමූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 October 2014 09:41