May 18, 2024

යුරෝපා තහනමට ලංකාවෙන් අභියෝගයක්

මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටලුවක් නොමැති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත්තේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම තහනම් කරමින් නීති පැනවීමට තීරණය කිරීම හේතුවෙනි.

මේ වනවිට රුසියාව, චීනය, ජපානය ඇතුළු රටවල් රැසක් ලංකාවේ මාළු මිලදී ගැනීමට සූදානම්ව සිටින බවත්, ඒ හරහා යුරෝපා සංගමයේ බලපෑම් අඩුවන බවත් අමාත්‍යවරයාගේ මතයයි.

Rate this item
(0 votes)