May 18, 2024

මන්නාරම් කඩොලානෙන් කේරල ගංජා (PHOTOS)

මන්නාරම තිරුකේදීෂ්වරන් මාර්ගයේ මර පාලම අසල පිහිටි කඩොලානක කේරල ගංජා කිලෝ 34ග්‍රෑම් 310ක ප්‍රමාණයක් සගවා තිබියදී මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

තිරුකේදීෂ්වරන් කෝවිල පසුවී මීටර් 600ක් පමණ ඈතින් පිහිටි මර පාලම ස්ථානයේ පිහිටා ඇති කඩොලාන සමූහයක ඉතා සූක‍ෂමව කේරල ගංජා තොගය පොහොර උරයක දමා සඟවා තිබියදී මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම කේරල ගංජා තොගය පිළිබඳව මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම වව්නියාව සහ කැබිතිගොල්ලැව ප්‍රාදේශීය අණදෙන නිළධාරී සහකාර පොලිස් අධිකාරී අසිත රණසූරිය මහතාගේ උපදෙස් මත මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරික‍ෂක වී.එම්.අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් සොයාගෙන ඇත.

මෙම කේරල ගංජා තොගය සැඟවූ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැති අතර මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් සොයාගත් කේරල ගංජා තොගය වැඩි දුර පරීක‍ෂණ සඳහා මන්නාරම් පොලීසිය වෙතට භාර දි ඇත.

වන්නි - රොමේෂ් මධුෂංක

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 October 2014 09:04