May 18, 2024

'ක්‍රිස් නෝනිස් හොඳයි' - ඇමති විමල් කියයි

වත්මන් ආණ්ඩුව විදේශ සේවාවලට පත්කර තිබෙන්නේ සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන් බව විරුද්ධ පක්ෂය විසින් පිළිගෙන තිබෙන බවත් ක්‍රිස් නෝනිස් මහතා දක්ෂ නිලධාරියෙක් බව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කිරීමෙන් ඒ බව මනාව සනාථ වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ 12, අලුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 

“යුද්ධය අවසන් වූ කාලෙ ඉඳල ම මේ රටේ කකුලෙන් අදින දේවල් මිසක් වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ දවස්වල යුරෝපා සංගමය මේ රටේ ඇඟලුම් කර්මාන්තයට දීලා තිබුණු සහනාධාර කැපුවා. එහෙම කපලා බය කරන්න හැදුවා. එදා යුරෝපා සංගමය දීපු සහනාධාරය කැපුවහම එක්සත් ජාතික පක්ෂය කිව්වා දැන් ඉතින් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා ඉවරයි කියලා. එහෙම වුණේ නැහැ. යුරෝපා සංගමයේ ඊනියා සිහිනය නැති වුණාට මේ රටේ ඇඟලුම් කර්මාන්තය දණින් වැටුණෙ නැහැ. අපේ ඇඟලුම් නිෂ්පාදකයන්ට පුළුවන් වුණා අපේ රටේ ඇඟලුම්වල තියන ගුණාත්මක වටිනාකම නිසා යුරෝපා සංගමය මොන බාධකය දැම්මත් ඒ වෙළෙඳපොළට යන්න.“ හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)