May 18, 2024

හදිසියේ මෙරටට ගොඩබෑ යානයේ තව දුරටත් අලුත් වැඩියා

මගීන් 375 දෙනෙකු රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් කළ ගුවන් යානයක් හදිසියේ මෙරටට ගොඩබස්වා ඇති බවට වාර්තා වෙයි.

ඒ ඉන්දුනීසියානු ගරුඩා ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම ගුවන් යානය හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

හජ් වන්දනාවේ ගිය පිරිසක් ඇතුළු මගීන් රැසක් මෙහි ගමන් කර ඇති අතර, ඊයේරාත්‍රී යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ යානය ශ්‍රී ලංකාවවෙත ගොඩබැස්වීමට තීරණය කර තිබේ.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග අනුව යානය මේ වනවිට අලුත් වැඩියා කෙරෙමින් පවතිනබව සඳහන්. මේ අතර, එම ගුවන් සේවයේ ආරංචි මාර්ග අනුව එහි ගමන්ගත් මගීන්වෙනත් යානයකින් නැවත එරටට කැඳවාගෙන තිබේ.

Rate this item
(0 votes)