May 18, 2024

වවුනියාවේ නඩු විතරයි තීන්දු නැහැ

වවුනියාව මහාධිකරණයට මාස දෙකකට අධික කාලයක් තිස්සේ විනිසුරුවරයෙකු නොමැති වීම හේතුවෙන් වවුනියාව මහාධිකරණයේ සියලු කටයුතු අඩපණ වී තිබේ.

මහාධිකරණයේ නඩු සදහා දිනපතාම පැමිණෙන ජනතාව පවසා සිටින්නේ විනිසුරුවරයෙකු නොමැති බව කියමින් තමන්ගේ නඩු මාස ගණන් කල් දැමෙන බවයි.

මේ පිළිබදව වවුනියාව නීතිඥ සංගමයේ සභාපති ඉලංගෝ දයාබරන්ගෙන් විමසූවිට ඔහු කියා සිටියේ හිටපු මහාධිකරණ විනිසුරුවරයා මාරුවී යාමෙන් පසුව නව විනිසුරුවරයෙකු පත් නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි.

අධිකරණ සේවා කොමිසමට මේ බව දැණුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් නව විනිසුරුවරයෙකු පත් කරණ තුරු මේ ප්‍රශ්නයට විසදුමක් නොමැති වග එහි නිලධාරීන් කියා සිටි බවද දයාබරන් නීතිඥවරයා පෙන්වා දෙයි.

දිනසේන රතුගමගේ - වවුනියාව

 

 

 

Rate this item
(0 votes)